පච්ච සිරාලා රජ වූ ජාතික පාසල් ක්‍රීඩාව 

අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ 38 වැන්න පසුගිය දවස්වල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ තමයි පවත්වලා තිබුණේ.


හැබැයි මේ පාර වැඩේ නිකන් චොර වෙලා ගිහින්ද කොහෙද වැඩි සද්ද බද්දයක් නැතුවම අවසන් කරල තිබුන. අපට ලැබෙන ආරංචියෙ හැටියට පළමු වතාවටලු ජනාධිපති, අගමැති හෝ අධ්‍යාපන ඇමති වගේ නායක කාරකාදීන් කිසිවෙකුගේ සහභාගිත්වයක් නැතිව ඔහේ කරන්නම් වාලේ වැඩේ කරල තිබුණේ.
මීට පෙර පවත්වන ලද සමස්ත ලංකා පාසැල් ක්‍රීඩා උළෙල වලට ක්‍රීඩා ඇමතිතුමා සහභාගි වෙලා තිබුණේ නැති නිසා එතුමා සහභාගී නොවීමේ කිසිම වරදක් අපි දකින්නේ නැහැ..


පසුගිය වසර කිහිපය තිස්සේම මේ ක්‍රීඩා උළෙලට පාසල් දරු දැරියන් 5000 කට වැඩි පිරිසක් සහභාගිවෙලා තිබුණට මෙවර නම් 3500 ක් වත් සහභාගි වුනේ නැතිලු. හේතුව හොයන්න අපිත් ටිකක් වටේ කැරකිල බැලුව. වැඩේ කියන්නෙ මෙපමණ කාලයක් දුර බැහැර ඉඳලා එන ළමයින්ට ගමනා ගමන පහසුකම් වශයෙන් නොමිලේ දුම්රිය ගමන් අවසර පත් දීලා තිබුනට මේ පාර ඒකත් නවත්තල. අනවශ්‍ය නාස්තියක් කියල හිතල වෙන්න ඇති.

ඒ මදිවට සමාරම්භක උත්සවයට අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිතුමා සහභාගි වෙලා තිබුණට සමාප්ති උත්සවයට ඒ කිසිම කෙනෙක් සහභාගි වෙලත් නැහැ.
නමුත් සමාරම්භක උත්සවය දවසේ අගමැතිතුමියගේ ආරක්ෂක නිලධාරීන් ටික දියගම ඇවිල්ලා රාජකාරි පටන් අරගෙන තිබුන. ඒ වෙලාවේ එතන එකම ජංජාලයයි ලු.

ඇතුලේ හිටපු අයට එළියට එන්න දීල නෑ එළියෙ ඉන්න අයට ඇතුලට එන්න දීලා නෑ. ජව්සන් නැටුවට අගමැතිතුමිය එදා ඇවිල්ලත් නැහැ. එදානෙ අර ඇමති මාරු සිදු කරලා තිබුනෙ. අගමැතිතුමිය ඒකට සහභාගී වෙලා . මොක උනත් වැඩේ ඉවර කරන්න ඕන හින්ද නිලධාරීන් වැඩේ ආරම්භ කරලා. ඒ වුනාට මොකද තරග වලට ඉදිරිපත් වුනු දරු දැරියන්ගෙන් වෙනද දකින විනය දකින්න ලැබුණේ නැහැ. විනය වනයක් වෙලයි තිබුනෙ.


මේ පාර ඉහළම දස්කම් දක්වපු අර මීගමුව පැත්‍තෙ පාසලක් නියෝජනය කරල තිබුනෙ දරුවො නෙවෙයිලු. පච්ච සිරාල ලු. රිටි පැන්නෙ එහෙම හාදයෙක් ලු. එයා පළමු කෝල් රූම් අවස්ථාවෙ පෙනී ඉඳලා තියෙන්නේ ට්‍රැක් කිට් එක ඇඳගෙන නිසා අතේ තිබුණු පච්ච හංගගෙන ඉඳල.නමුත් දෙවෙනි ගෝල්රූම් ගෝල්රූම් අවස්ථාවේදී අවස්ථාවෙදි එන්න ඕන තරඟ වදින ඇඳුම පිටින්නේ නිසා එයා ඒ අවස්ථාව මග හැරල කෙලින්ම තරගෙට ඉදිරිපත් වුනාලු.

එයාගේ පුහුණුකරුවො තමයි ඒ උපදෙස් දීල තියෙන්නෙ. ඔන්න දැන් ඒ තරඟෙ හතරවෙනි ස්ථානය දිනූ ක්‍රීඩකයා බාල්දියක් පෙරලලාලු.දෙවෙනියයි තුන්වෙනියයිත් එයාට සපෝට් ලු.දැන් මේ නිත්‍යානුකූල නොවන ක්‍රියාව නිසා අසාධාරණයට ලක්වෙලා තියෙන්නේ උතුරු පළාතෙ ලමයි ටිකක් කියලයි ආරංචි. එතකොට මධ්‍යම පළාතේ මිශ්‍ර පාසලක් නියෝජනය කරමින් තරග කළ දැරියක් දුවල තියෙන්නෙ බුරිය එලියෙ දාගෙනලු. දැන් ඉතින් මෝඩ රැල අපෙන් ප්‍රශ්න කරාවි බුරි බලන්න ගියේ මොකටද කියල.

ඒ පාසල් දැරියක් නිසා නුසුදුසු දේවල් දැක්කම ඒකට කමක් නෑ කියල අහක බලාගෙන ඉන්න අපට පුලුවන් කමක් නෑ.
අපි මේව කියන්නෙ අධ්‍යාපන අමාත්‍යාංශය 2022 වසරෙ නිකුත් කරල තිබුණ චක්‍රලේඛය කියවලයි. එක අතකින් ඒ දැරියට දොස් කියන එකත් හොඳ නැහැ කියලා හිතෙනවා.සමහර විට ඇමරිකානු නිසංස්කෘතියට දැන් ඒ ළමයා හුරු වෙලාද දන්නෙ නැහැනෙ.

අනිත් අතට දැන් තියෙන්නේ සමලිංගික හරි සමරිසි වගේ ක්‍රියාවන්ට සමාජය පොළඹවන පරිසරයක්නේ. පාසල් දරුවන්ට කොන්ඩම් ලබාදෙන්න සූදානම් වෙන පරිසරයක් නිර්මාණය කරන්න උත්සාහ කරණ නිසා දැන් ඉතින් අර චක්‍රලේඛ හොඳයි බුලත් විටි ඔතන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *