ඉතිහාසයේ පළමුවරට ටර්ක්මෙනිස්තානය ශ්‍රී ලංකාවට පරදියි

සීවලී එදිරිවීර

කොළඹ රීඩ් මාවත තුරග තරඟ පිටියේදී ටර්ක්මනිස්තානය හා ශ්‍රී ලංකාව අතර ඊයේ(09) පැවති පාපන්දු තරගයෙන් ශ්‍රීලංකා පිලට ගෝල 1-0ක තියුණු ජයක් අත්විය.


මෙම තරගය පවත්වන ලද්දේ තවත් මාස දාහතරක ඇවෑමෙන් පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය වෙනුවෙන් සංවිධානය කරන ලද සුදුස්සන් තෝරා ගැනීමේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙසය.


පාපන්දු ක්‍රීඩාවේ ලෝක ශ්‍රේණි සටහනේ ටර්ක්මෙනිස්තානය 138 වන ස්ථානයේත් ශ්‍රීලංකාව 197වන ස්ථානයේත් පසුවුවත් තරඟය පුරා දෙපිලේ ක්‍රීඩකයින් ප්‍රදර්ශනය කරන ලද කුසලතාවන් හී එතරම් පරතරයක් පවතින බවක් දක්නට නොලැබුණි.


දෙපිලේම ක්‍රීඩකයින් අතින් ගෝල වාර්තා කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මග හැරී යද්දී හිස් ලකුණු ප්‍රදර්ශනය වීමට ඉඩ හරිමින් තරගයේ පළමු භාගය නිමාවට පත්විය.
දෙවැනි භාගය ආරම්භ වී 21 වැනි විනාඩිය පසුවෙද්දී පී එම් ලියොන් තරගයේ එකම ගෝලය ගෝලය වාර්තා කිරීමේ ගෞරවය අත් කර ගනිමින් ශ්‍රී ලංකා පිලේ ජය තහවුරු කරනු ලැබීය.
තරඟය පැවැත්වෙන අතරතුර ශ්‍රීලංකා පිලේ අනුජාන් රාජේන්ද්‍රන් හා ටර්ක්මෙනිස්තාන පිලේ සැපගුල් යේව් විනිසුරු වරයාගේ කහ කාඩ් පතින් දඬුවම් ලැබූහ.
මෙම ජයග්‍රහණයත් සමග ඩී කාණ්ඩයේ ප්‍රසාද ලකුණු හයක් ලබාගෙන ඉදිරියෙන් සිටින ටර්ක්මෙනිස්ස්ථානය සමග සමවීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

එහෙත් වාර්තා කර ඇති ගෝල පරතරය හේතුවෙන් ටර්ක්මෙනිස්ස්ථානයට තවමත් ඩී කොටසේ ප්‍රථම ස්ථානය හිමිව ඇත.
ලංකා පිළ මේ වන විට ඩී කොටසේ මීට පෙර චීන තායිපේ පිල ගෝල 3-1ක් ලෙස පරාජය කොට තායිලන්තය වෙතින් ගෝල 1-0 ක් ලෙස පරාජය වී තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා පිල ඩී කොටසේ දී මෙම කණ්ඩායම් තුන සමගින් නැවත තරඟයකට බැගින් සහභාගි විය යුතුය.


ශ්‍රී ලංකාව හා ටර්ක්මෙනිස්තානය මීට පෙර අවස්ථා හයකදී පාපන්දු පිටියදී මුණගැසී තිබූ අතර ඉන් තරග පහකදීම ටර්ක්මෙනිස්තානය ජයග්‍රහණය කර තිබුණි. ඉතිරි තරගය අවසන් අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *