ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතාට ජාත්‍යන්තරය ඉහළින්ම සලකයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන සභාපති ජස්වර් උමාර් මහතාට ජගත් පාපන්දු සම්මේලනයෙන් මෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයෙන් ද වගකීම් පවරා ඇත.

පසුගියදා එතුමා ජගත් පාපන්දු සම්මේලනයේ   බිම්මට්ටම හා ආධුනික සංවර්ධන කමිටු සාමාජිකයෙකු ලෙස පත් කරණ ලද අතර ආසියානු පාපන්දු සම්මේලනය විසින් පසුගිය ඔක්තෝබර්13 වැනිදා  ආසියානු පාපන්දු සම්මේලනයේ සංවර්ධන කමිටු සාමාජිකත්වයද පිරිනමා තිබුණි.

මෙම පත්වීම් සදහා ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබුනේ මෑත කාලයේ පාපන්දු ක්‍රීඩාවෙන් ශ්‍රීලංකාව අත් කරගෙන ඇති දියුණුවට ජස්වර් උමාර් මහතාගේ මැදිහත් වීමය.


මෙම පත්වීම් දෙක හේතුවෙන් ලෝක මට්ටමේදීත් ආසියානු මට්ටමේදීත් ඉහළම ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ පළමු ශ්‍රීලංකා පාපන්දු සම්මේලන සභාපතිවරයා බවට ජස්වර් උමාර් මහතා පත්වෙයි.

සීවලී එදිරිවීර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *