අද අපේ රටේ පාපැදි ක්‍රීඩාව ගැන උනන්දුවෙන එක පුද්ගලයෙක් වත් නැතිව ඇති. අද එහෙම උනාට හැත්තෑව දශකයෙ නම් පාපැදි ක්‍රීඩාව තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් ලංකාවෙ තිබුනෙ නැහැ., ඒ කාලේ ක්‍රිකට් තිබුනෙ නගරබද සුපිරි පාසල් වලට විතරක් සීමා වෙලයි. නමුත් ඒකාලෙ පාපැදි ක්‍රීඩාවට ලංකාවෙ හතර කොනෙන්ම ලැබුනෙ ඉහළම පිළිගැනීමක්. අමතක වෙලා තියෙන අයට, අමතක කරලා ඉන්න අයට මතක් කරලා දෙන්න කැමතියි මේ ගෙවී යන ඔක්තෝබර් මාසයේදී ලංකාවෙ පාපැදි ක්‍රීඩාව ආරම්භ කරල 75 වැනි වසර සම්පූර්ණ වූ බව හරියටම සඳහන් කරනවනම් 1950 ඔක්තෝබර් 08 වැනිද තමයි ලංකාවෙ පළමුවන පාපැදි තරඟය පවත්වලා තිබුනෙ.
අලුත් අත්දැකීමක් නිසා මේ තරගයට තරගකරුවන් 2000 කට වැඩි පිරිසක් සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම රේසිං, ස්ටෑන්ඩඩ් වශයෙන් වර්ග කරල නෑ. ඕනෑම පාපැදියකින් තරඟයට සහභාගී වෙන්න අවස්ථාව දීලා තිබුණා. තරගය ආරම්භ කරල තිබුනෙ රත්මලාන ගුවන් තොටුපල පරිශ්‍රයෙන්. එතැන් සිට ලුනාව, පිලියන්දල හරහා බම්බලපිටියෙ බුලර්ස් පාර වට රවුමෙන් තරගය අවසන් වුනා. දුර ප්‍රමාණය සැතපුම් තිහයි. පිලියන්දල දි තරඟකරුවෝ කිහිපදෙනෙක් එක පොකුරට ගැටිලා අනතුරකටත් ලක් වෙලා තිබුණා.
ස්ටෑන්ඩඩ් පාපැදියකින් තරග කළ ඒ.කේ. ගුණරත්න නැමති ක්‍රීඩකයා ප්‍රතිවාදී තරගකරුවන් කිසිවෙකුගෙන් අභියෝගයක් නැතිව පහසුවෙන් තරගය ජය ගෙන තිබුනා. තරගය අවසානයේ ජයග්‍රාහක ගුණරත්න ප්‍රකාශ කර සිටියේ තමන් දිනපතාම රැකියාවට යන්න එන්න සැතපුම් 24ක දුරක් ගමන් කරන්නේ පාපැදියෙන් නිසා ජයග්‍රහණය පිළිබඳව සැකයක් නොතිබුණු බවය. ජයග්රාහකින්ට බුලර්ස් පාර වට රවුමේදී ත්‍යාග ප්රදානය සිදු කරනු ලැබුවේ එවකට රටේ අග්‍රමාත්‍ය ධූරය දැරූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ ප්‍රධානත්වයෙනි.
කොහොම නමුත් පාපැදි ක්‍රීඩාවේ මේ ඉතිහාසය බලධාරීන්ටත් නිලධාරීන්ටත් අමතක වීම පුදුමයක් නොවෙයි.මොකද ඒ තරඟය පවත්වල තිබුනෙ සිලෝන් කියන රටේ මිසක් ශ්‍රී ලංකාවේ නොවෙයි නෙ.
